පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණු අතර එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව රජයේ ප්‍රෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෙළඳ හා අයෝජන සමුළුකට ද පකිස්ථාන අගමැතිවරයා එක් වුණා.
