විවාහ දිවිය සමයේදී නිවසේ වැඩ කිරීම වෙනුවෙන් සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙසට සැමියෙකුට චීනයේ “දික්කසාද අධිකරණයක්” නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව අදාල කාන්තාවට ඩොලර් 7,700ක් වන්දියක් ගෙවන ලෙසටයි එම අධිකරණයෙන් සැමියාට නියෝග කර ඇත්තේ. 2015 වසරේදී ඔවුන් විවාහ වී ඇති අතර ඉකුත් වසරේදී අදාල සැමියා විසින් දික්කසාද නඩුවක් ගොනු කර තිබෙනවා. පළමුව එම කාන්තාව විසින් දික්කසාද වීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් පසුව අය ඊට එකග වී තිබෙනවා.
සිය දරුවාගේ සහ නිවසේ වැඩ වලට ද සිය සැමියාගෙන් කිසිදු ආකාරයේ උපකාරයක් නොලැබුණු බවයි එම කාන්තාව අධිකරණයට වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.