News Line| Off Air
Generic placeholder image

Mar
1

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී යුද හමුදා බස් රථයක්, දුම්රියේ ගැටී සිදු වූ අනතුර ( photo)

912 Views


කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී යුද හමුදා බස් රථයක්, දුම්රියේ ගැටී සිදු වූ අනතුර ( photo)

කැලණිය, වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 09.20 ට පමණ යුද හමුදා බස් රථයක්, මහනුවර සිට කොටුව බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

විදුලි සංඥා ක්‍රියාත්මකව තිබිය දී බස් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ධාවනය කරවීමට උත්සහ කරමින් සිටියදී අදාල බස් රථය දුම්රියේ ගැටී තිබෙන්නේ. එම අනතුරෙන් පසු දුම්රියේ ගැටුණු බස් රථය අසල තිබු කඩයක තුළට කඩා වැදී තිබෙන අතර ඒ අසල ලොතරැයි අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් සහ තවත් අයෙක් මෙහිදී අනතුරට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post