නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 17 වනදා ඔවුන් පැහැර ගනු ලැබු අතර නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත.
පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු වී තිබේ.
පැහැරගැනීම සිදූවූ අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තිබු අතර අදාළ පාසලේ සිසුන් 1000කට අධික පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි