News Line| Off Air
Generic placeholder image

Mar
5

කුරුවිට ඝාතනයට ලක් වූ තරුණිය SI ගේ නිවසටත් ගිහින් – SI ගේ බිරිද කියූ කතාව

4963 Views


කුරුවිට ඝාතනයට ලක් වූ  තරුණිය SI ගේ නිවසටත් ගිහින් – SI ගේ බිරිද කියූ කතාව

පසුගියදා වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමුවූ ඝාතනයට ලක් වූ තරුණියගේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද වන රමණි ක්‍රිෂාන්ති යන අය පොලිසියට සදහන් කර ඇත්තේ ඝාතනයට ලක් වූ තරුණිය දිලිණි ඇතුළු තවත් තරුණියක් සිය නිවසට පවා පැමිණ ඇති බවත්ය. මෙ පිලිබදව අදහස් දක්වමින් ඇය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ,

“දවසක් මට මහත්තයා කිව්වා එය වැඩ කරන තැන කෙල්ලෝ කට්ටියක් අපේ ගෙදර එන්න අහනවා කියලා. එහෙම කියලා එයා ගැහැණු ළමයි දෙන්නෙක් එක්ක මෙහෙ ආවා. ඇවිත් මගේ දුවත් එක්ක ඒ ගැහැණු ළමයින් අරගෙන පරවියන් ඇල්ලට නාන්න ගියා. හැබැයි මට කිව්වේ මොණරාගල ළමයි කියලා. එත් මගේ පොඩි දුව ඇවිත් කිව්වේ ඇඹිලිපිටියේ කට්ටියක් කියලා.. එක්කෙනෙක් නම් තමයි දිලිණි කියලා. මේක ඇහුවට පස්සේ එයා ගෙදර ආවාට පස්සේ මන් එයාට හොදටම බැන්නා. මන් පැහැදිලිව දන්නවා මට කලේ බොරුවක් කියලා. ඒ දිලිණි කියන ළමයත් හොද චරිතයක් ඇති කෙනෙක් නෙමෙයි…”

දවසක් මගේ මහත්තයගේ හෑන්ඩ් ෆෝන් එක බැලුවා. ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු MSG 07 ක්, ඒ කෙල්ලහේ පින්තූර වගයකුයි තිබ්බා. පස්සේ මන් එයාට කිව්වා ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්දෙ නතර කරන්න කියලා. එයා හරිම වැරදියි.. මන් එයාව හදාගන්න උත්සහ කළා.. එත් එයා ඇහුවේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post