News Line| Off Air
Generic placeholder image

Mar
6

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

612 Views


දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇතිවිය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසනකාලයේ දී මීදුම් සහිත තත්ත්වයක්ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post