මෙම මස 21 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් ගමන් කරන බවට විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා.
මෙම උල්කාව පෘථිවියට ඉතාම ආසන්නව ගමන් ගන්නා හෙයින් එය අනතුරුදායක විය හැකි බවට විද්‍යාඥයින් මත පළ කරනවා. එනම් පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් දුරින් ගමන් ගන්නා බවත් පැයට සැතපුම් 77,000 ක වේගයෙන් මෙම උල්කාව පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.