කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම අතරතුර ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඒ අනුව ජංගම දුරකථන 5ක්, සිම් කාඩ්පත් 10 ක්, ජංගම දුරකථන බැටරි 10ක් සහ ජංගම දුරකථන චාජරයක් ඇතුළුව කුඩු පැකට් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.