News Line| Off Air
Generic placeholder image

Mar
13

දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදය පළමුවරට ශ්‍රී ලංකාවෙන්ද හමු වෙයි

512 Views


දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදය පළමුවරට ශ්‍රී ලංකාවෙන්ද හමු වෙයි

දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ප්‍රභේදය වන B 1.351 පළමුවරට ශ්‍රී ලංකාවෙන්ද හමු වී ඇත.

ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් පුද්ගලයකුගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනා ගෙන ගෙන ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මේ අතර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් මස 15 වැනිදායින් පසු ජනතාවට ලබා දීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

තවද කොරෝනා මර්දන කටයුතු සඳහා මේ වනවිට රුසියානු ස්පුට්නික් එන්නත ඇනවුම් කිරීමට ද කටයුතු කරමින් ඇති බව අමාත්‍යවරිය වැඩ්දුරටත් පැවසුවාය.

කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලද එන්නත වැඩිහිටි නිවාසවල වැඩිහිටියන්ට ලබා දීමට ද පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, මෙරට ජනතාව වෙත ලබාදෙන කොරෝනා එන්නතේ කාර්යාක්ෂමතාව පිළිබඳව මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post