News Line| Off Air
Generic placeholder image

Mar
15

ඩිල්ෂාන්ගේ විශිෂ්ට ඉනිමෙන් එංගලන්තය පරදා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්

445 Views


ඩිල්ෂාන්ගේ විශිෂ්ට ඉනිමෙන් එංගලන්තය පරදා  ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා..
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 3ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කළා. එහිදී ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් පන්දු 26 කදී ලකුණු 61ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා යොමු කළා.


News Articles
Latest Videos
Most Popular Post