මේ වන විට සැලකිය යුතු ලෙස මහ මග අනතුරු ඉහළ යමින් පවතිනවා. ඊයේ දිනයේත් සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
වැඩි වශයෙන් මෙම රිය අනතුරු වලින් යතුරු පැදි කරුවන් අනතුරට ලක්ව මිය ගොස් තිබෙන අතර ඊයේ දිනයේත් යතුරු පැදි කරුවන් 06 දෙනකුත් , ත්‍රි රෝද රථකරුවන් දෙදෙනකු ද පදිකයින් දෙදෙනෙක්ද අනතුරු වලින් මිය ගිය පිරිස අතර වෙනවා.