ජෝර්දානයේ කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් ඔක්සිජන් හිඟයකින් මිය යෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙන අතර මේ හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එරට අගමැති වරයා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ එහි වගකීම සම්පුර්ණයෙන් තම රජය භාරගන්නා බවයි. එය තම රටේ සිදුවූ දැවැන්ත වරදක් බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.
මෙලෙස ඔක්සිජන් හිඟයකින් හිගයකින් මිය ගොස් තිබෙන්නේ ජෝර්දානයේ අම්මාන් අගනුවර රජයේ රෝහලක හදිසි ප්‍රතිකාර, මාතෘ හා කොවිඩ් රෝගීන් පිරිසක්.