ඉකුත් දා මෝටර් රථයක පිළිස්සී මිය ගිය තරුණයාගේ මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද DNA පරීක්ෂණ වාර්තා මතයි.
මේ අනුව අදාල පුද්ගලයා කොහුවල භාතිය මාවතේ පදිංචි ව සිටි සැක කරන ලද පුද්ගලයාගේ බවයි අනාවරණය වී ඇත්තේ. සැක කරන ලද එම දෙමවුපියන්ගේ DNA සාම්පල හා එම තරුණයාගේ DNA සාම්පල සැසදෙන බව පොලිසිය සදහන් කරනවා.
ඒ අනුව හෙට දිනයේ මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ය පැවැත්වීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.