News Line| Off Air
Generic placeholder image

Mar
16

අද දවස ඔබට කොහොමද ? ( දවසේ ලග්න පලාපල )

2165 Views


අද දවස ඔබට කොහොමද ? ( දවසේ ලග්න පලාපල )

අද 2021 ,මාර්තු 16 වනදා

රාහු කාලය දිවා කාලය උදෑසන 03.20 සිට සවස 4.51  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 03.17 සිට රාත්‍රී 04.47දක්වා

මරු සිටින දිශාව බස්නාහිර

අද දින සුබ ලග්න – මේෂ, තුලා ,කටක , වෘශ්චික , ධනු

මිශ්‍ර පල ගෙන දෙන ලග්න – සිංහ , කුම්භ

අද දිනයේ සුබ පල අඩු ලග්න – වෘෂභ , කන්‍යා , මකර ,මීන

මේෂ ලග්නය 

අද දින මේෂ ලග්න හිමියන්ට යහපත් දිනයකි. එම ලග්න හිමියන්ට කිර්තිය වර්ධනය වන දිනයකි. බලාපොරොත්තු සියල්ල ක්‍රමානුකුලව විසඳගන්න හැකියාව ශක්තිය අද ඔබ සතුව පවතිනවා. ජිවිතේ පිලිබඳ අලුත් දේවල් හිතන්න පතන්න හැකියාව ලැබෙන දිනයකි. අලුතින් ඇදුම් පැළදුම් මිලදී ගැනීමට හැකි ජිවිතේ ඉදිරි සැලසුම් පිලිබදව සාර්ථක කර ගැනීමට හැකි දිනයකි.

වෘෂභ ලග්නය 

වෘෂභ ලග්න හිමි ඔබට අද දිනයේ සැක සංකා මතුවන දිනයක් ලෙස සදහන් කරන්න පුළුවන්. කායික මානසික පීඩාකාරී තත්ත්වයන් මතුවන දිනයක්. විශේෂයෙන්ම කකුල් ආශ්‍රිත රෝගාබාධ හටගැනීමට හැකි දිනයක් ලෙස අද දිනය වෘෂභ ලග්න හිමියන්ට සදහන් කරන්න පුළුවන්.

මිථුන ලග්නය 

අද දිනයේ මිථුන ලග්න හිමියන්ට ධනය වර්ධනය වන දිනයකි. ධන මාර්ග විවර වන දිනයක් ලෙස සලකන්න පුළුවනි. බොහෝ විට ඔබට උත්සව අවස්ථාවන්ට සහභගි වීමට ද දිනයේ අවස්ථාව හිමිවන දිනයකි. ණයක් ලැබෙන දිනයක්. ඔබගේ අතට එන මුදලක් තව කෙනෙකුට දීමේදී අද දිනයේ සැලකිලිමත් විය යුතු දිනයකි.

කටක ලග්නය

කටක ලග්න හිමියන්ට රැකි රක්ෂා කටයුතු සාර්ථක වන දිනයකි. කීර්තිය ප්‍රශංසා වර්ධනය වන දිනයකි. ආයතන ප්‍රධානින් ගෙන් පැසසුම් ලැබෙන දිනයකි.
විශේෂයෙන්ම කටක ලග්න හිමි ඔබට මහජන සම්බන්ධතා වර්ධනය කරගත හැකි දිනයක් ලෙස සැලකෙනවා.

සිංහ ලග්නය 

සිංහ ලග්න හිමියන්ට අද දිනයේ ඔබ අධ්‍යාපනය හදාරන්නෙකු නම් එය සාර්ථකව සිදු කරගත හැකි දිනයකි. එම කටයුතු වර්ධනය කරගත හැකි දිනයක්. විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් පවුලේ අය සමග ඇති මත ගැටුම් නිරාකරණය කරගත හැකි දිනයක් ලෙස අද දිනය සදහන් කරන්නට පුළුවන්.

කන්‍යා ලග්නය 

කන්‍යා ලග්න හිමි ඔබට අද දිනයේ මානසික වශයෙන් පිඩාගෙන එන දිනයකි. හිසේ කැක්කුම් ඇති විය හැකි දිනයකි. යන එන ගමන් බිමන් වලදී තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවෙන්න පුළුවන.

තුලා ලග්නය 

තුලා ලග්න හිමි ඔබට අද දිනයේ සබදතා වර්ධනය කරගත හැකි දිනයකි. විශේෂයෙන් ආදර සම්බන්ධතා සාර්ථක වන දිනයකි. සැමියා හා බිරිද අතර ඇති මත ගැටුම් නිරාකරණය වී පවුලේ සමගිය වර්ධනය වන දිනයකි. පැරණි සබදතා අලුත් වන දිනයකි.

වෘශ්චික ලග්නය 

හොද සැලසුමක් සකස් කරගෙන වැඩ කටයුතු සාර්ථක පෞද්ගලික ජීවිතය සාර්ථක කරගත හැකි දිනයක්. පිළිවෙලකට වැඩක් කරගත හැකි දිනයක්. ඒ තුලින් ජිවිතය සාර්ථක කර ගැනීමට හැකි දිනයක්.

ධනු ලග්නය 

ධනු ලග්න හිමියන්ට ද විශේෂයෙන්ම අධ්‍යපනය හදාරන විද්‍යා සම්බන්ධ නව අත් හදා බැලීම් සිදු කරන අයට නව සොයාගැනීම් සිදු කරගත හැකි දිනයක්. තාරකා විද්‍යාව හදාරන ධනු ලග්න හිමි ඔබට අද දිනයේ ගණිත ගැටළු නිරාකරණය කරගත හැකි නවමු සොයා ගැනීම් සිදු කරගත හැකි දිනයක්. එමෙන්ම මනස නිරවුල්ව වැඩ කටයුතු කරගත හැකි දිනයක් ලෙසද සදහන් කල හැකිය. එමෙන්ම ධනු ලග්න හිමියන් තමන්ගේ දුවා දරුවන් පිලිබදව ආඩම්බර වන දිනයක්.

                                               
මකර ලග්නය 

ගමන් බිමන් ආදී කටයුතු නිසා කාර්යබහුල ස්වභාවයක් පෙන්නුම් කරනවා. මකර ලග්න හිමි ඔබ තමන්ගේ නිවාස කටයුතු පිලිබදව වැඩියෙන් සිතීමට හිතෙන දිනයක්. විශේෂයෙන්ම නිවාස අලුත්වැඩියා කිරීමට මුදල් වියදම් කිරීමට සැලසෙන දිනයක. පෙනහළු පපුව ආශ්‍රිත රෝගාබාධ හටගත හැකි දිනයක් ලෙසද අද දිනය මකර ලග්න හිමි ඔබට සදහන් කරන්න පුළුවන්.

කුම්භ ලග්නය 

කුම්භ ලග්නය හිමි ඔබ අද දිනයේ වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කල යුතු දිනයකි. අද දිනයේ කුම්භ ලග්න හිමියන්ට කේන්තිය වර්ධනය වන දිනයක් ලෙස ද සදහන් කල හැකිය. තමන්ගේ උත්සාහයෙන්ම වැඩ කටයුතු සිදු කිරීම තුලින් අද දිනයේ ඔබට වැඩ කටයුතු සාර්ථක කරගත හැකිය. එමෙන්ම කුම්භ ලග්න හිමියන් ට අද දිනයේ කොන්ද ආශ්‍රිත රෝගාබාධ මතුවන දිනයක්.

                                   
මීන ලග්නය 

පවුලේ උදවිය සමඟ මත ගැටුම් මත බේද ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. එමෙන්ම විශාල මුදලක් සිය පවුල වෙනුවන් වියදම් විය හැකි දිනයක්.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කසුන් සමරකෝන්

දුරකථන         077- 2990719


News Articles
Latest Videos
Most Popular Post