News Line| Off Air
Generic placeholder image

Mar
16

අගනුවරට සමුදෙමින් හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය තැබූ facebook සටහන

804 Views


අගනුවරට සමුදෙමින් හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය තැබූ facebook සටහන

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද වසර 21 කට පසුව කොළඹ සිය පදිංචියට සමුදී යලි උපන් ගම වන අම්බලංගොඩ ගම බලා පිටත්ව ගියා.

ඒ මහතා මේ පිලිබදව සදහන් කරමින් සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් එක් කර තිබුණා…

” කොළඹ නාගරික මැතිවරණ කාර්යාලයට 2000 ජනවාරි 01 දින ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසු එම වර්ෂයේ පෙබරවාරි 25 ⁣, අම්බලන්ගොඩ සිට මොරටුවේ කුලී නිවසකට පැමිණ අවුරුදු හතක් පමණ එහි පදිංචි වී සිට ඉන් අනතුරුව 2006 දෙසැම්බර් 31 දිනයේදී (මැතිවරණ දෙපාර්තමේන්තුව සතුව තිබූ පැරණි කාර්යාල ⁣ගොඩනැගිල්ලේ කොටසක) බම්බලපිටියේ ග්ලේන් ආබර් පෙදෙසේ අංක 32 හි පවුලේ සාමාජිකයන් හා පදිංචිවී සිටි මම , 2020 පෙබරවාරි මුල් සතියේ IDH ප්‍රදේශයේ බදු නිවසක පදිංචියට ගියෙමි.

එසේ යෑමට සිදුවූයේ ග්ලේන් ආබර් පෙදෙස ආශ්‍රිතව සිදුකෙරෙන වැසි ජලය බැස්සවීමේ භූගත කාණු පද්ධතියක ඉදිකිරීම් හේතුවෙනි.

එම අවස්ථාවේදී මවිසින් මැකොස සභාපති ලෙස කරන ලද ඉල්ලීමක් පරිදි , බම්බලපිටියේ ලෝරිස් පටුමග රජයේ මහල් නිවාසයක් ලද අතර 2020 සැප්තැම්බර් මුල් භාගයේ සිට එහි අපි පදිංචිව සිටියෙමු.

අද 2021 මාර්තු 15 දින එහි යතුරු බාර දී අගනුවර පදිංචියට ආයුබෝවන් කියා අම්බලන්ගොඩ පෝරඹ පොල්වත්ත පාරේ අංක 110 අපගේ නිවසට පැමිණියෙමු ..

East or West , Hometown is the Best..”


News Articles
Latest Videos
Most Popular Post