News Line| Off Air
Generic placeholder image

Mar
16

ජපානයේ කදවුරක සිර වී සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මරුට

792 Views


ජපානයේ කදවුරක සිර වී සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මරුට

ජපානයේ සංක්‍රමිකයින් සිටින කදවුරක සිටි ශ්‍රී ලංකික කාන්තාවක් කුසගින්න නිසා මිය ගිය පුවතක් වාර්තා වෙනවා. 2017 වසරේ ශිෂ්‍ය විසා මත ජපානයට ගොස් තිබෙන එම කාන්තාව ඉකුත් වසරේ අත් අඩංගුවට පත් වන්නේ විසා ඉකුත් වී එරට තව දුරටත් රැදී සිටීම හේතුවෙන්.

මේ හේතුවෙන් එරට කදවුරක රැදී සිටි ඇයගේ මානසික තත්වය දුර්වල වීම නිසා ආහාර ගැනීමට පවා නොහැකි වී ඇති බව ඇය විසින් සදහන් කරන ලද ලිපියක් තුලින් අනාවරණ වී ඇත්තේ.

ඇය අදාල බලධාරීන් ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ව මුදා හරින ලෙසයි. කිසිදු පහසුකමක් නොමැතිව ඇය කදවුරේ ගෙවන ජීවිතය පිලිබදව ඇය නොයෙක් සටහන් තබමින් සදහන් කර තිබෙනවා. එක් සටහනක ඇය ආහාර අවශ්‍ය බව සදහන් කර තිබෙනවා. මෙලෙස ඇය මාස 07 ක පමණ කාලයක් සිට ඇති අතර ඉකුත් දා අදාල කාන්තාව සිය කුටිය තුලම මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

කෙසේ වෙතත් ඇයගේ මරණය පිලිබදව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජපන් අධිකරණ ඇමැති බලධාරීන්ට නියෝග කර තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post