News Line| Off Air
Generic placeholder image

Mar
17

අසාද් සාලිගේ වාහනයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් හමුවෙයි

397 Views


අසාද් සාලිගේ වාහනයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් හමුවෙයි

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ කිහිපයක් අසාද් සාලි මහතා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන අතර මේ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇත.

හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබිය.

මාර්තු 10 වැනි දා ඔහු සිදු කරන ලැදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ අද පස්වරුවේදී ය.


News Articles
Latest Videos
Most Popular Post