දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන බංග්ලාදේශය බලා පිටත්ව ගියා. ඒ
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවයි .
මෙහිදී අගමැතිවරයා බංග්ලාදේශ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය, විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය යෙදී තිබෙනවා.