News Line| Off Air
Generic placeholder image

Mar
19

ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස් කෙරේ

511 Views


ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස් කෙරේ

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවය.

ඒ අනුව විත්තිකාර රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ව නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුව මීට පෙර විභාගයටගත් අවස්ථාවේ දී මූලික විරෝධතාවක් මතු කළ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙම නඩුව පැවරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය අධිකරණයට ඉදිරිපත්කර නොමැති හෙයින් එය පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වාදුනි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා වත්කම් සහ මුදල් උපයාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට ඉකුත් යහපාලන රජය සමයේ රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post