News Line| Off Air
Generic placeholder image

Mar
19

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ගැටුමක්

933 Views


ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි  විස්ස ගැටුමක්

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ලබන අප්‍රේල් මාසයේ දී. මේ සදහා වන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ක්‍රිකට් තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට අදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ . එමෙන්ම මෙම තරගයෙන් ලැබෙන අදායම කොවිඩ් -19 අරමුදල වෙනුවෙන් එක් කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදහස් කර ඇති අතර එහි සමස්ත ධාරිතාවයෙන් සීයයට 50 කට තරගය නැරඹීමට අවස්ථාව ලබාදීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post