News Line| Off Air
Generic placeholder image

Mar
23

පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළකුත් ජිවිතක්ෂයට

1282 Views


පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළකුත් ජිවිතක්ෂයට

ලුණුගල – කොළඹ පෞද්ගලික බස් රථයක් ඉකුත් දා පස්සර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව එහි ගමන් ගත් මගින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. එම මිය ගිය පිරිස අතර පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළක් ද සිටිනවා.

ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර එම දරුවන් තිදෙනා මිත්තණිය භාරයේ තබා මෙම යුවල ඉකුත් දා එම මාරක බස් රියට නැග ඇත්තේ මෙම යුවළගේ පිරිමි පුද්ගලයාට ඇසක හටගත් යම් අබාධයක් සදහා ශල්‍යකර්මයක් සිදු කර ගැනීම සදහා බදුල්ල මහ රෝහලට යෑම සදහායි.

කෙසේ වුවත් මොවුන් දෙපළට මෙම මාරක බස් රිය ලුණුගල දී මග හැරී තිබෙන අතර මොවුන් දෙදෙනා එම බසයට නැග ඇත්තේ ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් එම යුවල ජිවිතයට සමුදුන් අතර මේ වන විට වයස 10 අට අඩු දරුවන් තිදෙනාගේම වගකීම පැවරී ඇත්තේ මිත්තණිය වෙතටයි.


News Articles
Latest Videos
Most Popular Post