News Line| Off Air
Generic placeholder image

Mar
24

පස්සර බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා දුරකතනය භාවිතා කල බවට මගීන්ගෙන් චෝදනා

850 Views


පස්සර බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ රියදුරා දුරකතනය භාවිතා කල බවට මගීන්ගෙන් චෝදනා

ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ මාරක බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ දී එම බසයේ රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථවේ දුරකතනය භාවිතා කරමින් සිට ඇති බවට මගීන් කිහිප දෙනෙක් සදහන් කර තිබෙනවා.

මෙම අනතුර පිලිබදව විමර්ශන සිදු කරනු ලබන පොලිසිය අදාල බස් රථයේ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඔහු සදහන් කරන්නේ තමන් ඒ අවස්ථාවේදී දුරකතනය භාවිතා නොකළ බවත් තමන් තිරිංග ක්‍රියාත්මක කලද ඒ අවස්ථාවේදී ඒවා ක්‍රියාත්මක නොවූ බවත්ය.

කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙන අතර මේ අනතුරෙන් 14 දෙනකු මියගිය අතර තවත් විශාල පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post