News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

සිය මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

527 Views


සිය මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද වන අතර ඊයේ දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා ගෙන සිටියා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169කට සිමා වුණ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සදහා ලකුණු 476ක් ලබාගැනීමට සමත් වුන අතර එහිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංක ලකුණු 103ක් ලබා ගත්තා.

අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 341ක් ලබාගත යුතුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post