එළඹෙන උත්සව සමයේ පරිභෝජනයට නුසුදුසු සහල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා. ඒ අනුව ලබන 28 වෙනිදා සිට මෙම වැටලීම් සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
මේ අතර අහිතකර වර්ණක අඩංගු සහල් ඇතුළු ධාන්‍ය වර්ග අලෙවි කිරීමේ ජාවාරමක් ලද තොරතුර මත සිදු කරනු ලැබූ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.