News Line| Off Air
Generic placeholder image

Mar
26

දිවයිනේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

476 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට සවස් කාලයේ මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, බස්නාහිර,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

මධ්‍යම,සබරගමුව,ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post