අන්තවාදී මත පැතිරවීම සදහා කටයුතු කල පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බව මින් එක් පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙන අතර ඉකුත් දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙක් වන බව ද මේ වන විට කරුණු තහවුරු කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචාරය කිරීම සදහා ඔහු විදේශගතව සිටද අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ක්‍රියා කර ඇති බවද පැවසෙනවා. සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.