News Line| Off Air
Generic placeholder image

Mar
26

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් එළියට විසි වී 05 හැවිරිදි පෙර පාසල් දරුවෙකු මරුදකී

1605 Views


ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන්  එළියට විසි වී 05 හැවිරිදි පෙර පාසල් දරුවෙකු මරුදකී

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී ඊයේ දිනයේ පාසල නිමවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා ජිවිතක්ෂයට පත් වි තිබෙන බව වාර්තා වෙනවා.

පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදි දරුවකු මෙලෙස ජිවිතක්ෂයට පත් ව තිබෙන අතර ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් දරුවා එළියට විසිවී තිබෙන අතර දරුවා එම වෑන් රථයෙන්ම වැල්ලවාය රෝහලට රැගෙන ගොස් තිබුනද දරුවා ඒ වන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී එම පාසල් වෑන් රථයේ තවත් දරුවන් 04 දෙනකු සිට ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post