News Line| Off Air
Generic placeholder image

Mar
30

නාකොටික් නිලධාරින් ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

317 Views


නාකොටික් නිලධාරින් ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ්

පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී දැනට විදේශගතව සිටින උදාර සම්පත් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ලබාගෙන ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවද දැනුම් දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.


News Articles
Latest Videos
Most Popular Post