News Line| Off Air
Generic placeholder image

Mar
30

කොළඹ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියට කැබිනට් අනුමැතිය

342 Views


කොළඹ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතියට කැබිනට් අනුමැතිය

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, එම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති බවයි

රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන අතර කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙනු ඇති.

හරිත දුම්රිය මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිතයි

එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක් වන අතර කිලෝමීටර් 23කින් සමන්විත නීල දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරේ

දම් දුම්රිය මාර්ගය කොළඹ වරාය නගරයෙන් ආරම්භ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ධාවනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post