News Line| Off Air
Generic placeholder image

Mar
31

ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්

607 Views


ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේ මෙරටින් කොවිඩි රෝගීන් 139ක් වාර්තා විය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් ආසාදිතයින් 14 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවත් ඉතිරි 125 දෙනා දේශීයව හඳුනා ගෙන ඇති බවත් ය.

දේශීයව හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 39කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20ක් ලෙස වාර්තා වී ඇත.

ඉතිරි ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 442ක් වන අතර සුවය ලබා ඇති පිරිස 89,3467කි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 566ක් වන අතර ගෙවුණු දිනයේ කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

ආසාදිතයින් 2749 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 97 ක් තුළ පුද්ගලයින් 8,687 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (30) සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5, 493 කි.

මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ පුද්ගලයින් 9102 දෙනෙකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට එන්නත් ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90,3467කි.


News Articles
Latest Videos
Most Popular Post