News Line| Off Air
Generic placeholder image

Apr
1

සිය දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට ලැබුණු දඬුවම

324 Views


සිය දියණියන් දෙදෙනා දුෂණය කළ පියාට ලැබුණු දඬුවම

වසර අටකට ඉහතදී අධික ලෙස බීමත්ව නිවසට පැමිණි පියකු විසින් තම දියණියන් දෙදෙනා දූෂණය කිරීම පිළිබඳව චෝදනා 3ක් මත පැවරූ නඩු හතරකට මාතර මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු වරදකරු වූ 47 හැවිරිදි පියකුට එක් නඩුවකට වසර 15 බැගින් නඩු 4ට වසර 60ක බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා විසින් නියම කරනු ලැබුවා.

පෙර දඬුවමට අමතරව එක් නඩුවකට රුපියල් දස දහස බැගින් නඩු හතරට රුපියල් හතළිස් දහසක දඩයක් ද එය නොගෙවන්නේ නම් මාස 24ක සිරදඬුවමක් ද නියම කෙරුණි.

තවද වින්දිත දැරියකට එක් නඩුවකට රුපියල් පනස්දහසක් බැගින් නඩු 4ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වන්දියක් ලෙස ගෙවන ලෙසට ද එය නොගෙවන්නේ නම් තවත් වසර 4ක සිරදඬුවමක් ද නියම කෙරුණා.

වයස අවුරුදු 14 සහ 16 හැවිරිදි දැරියන් දෙදෙනා සිටි නිවසට බීමත්ව පැමිණි පියා (විත්තිකරු) දියණියන් දෙදෙනා දූෂණය කිරීම යන චෝදනා 3ක් මත නඩු 4කින් විත්තිකරුට විරුද්ධව මාතර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post