ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඊයේ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වුණු අතර එහිදී ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට පැළදු කිරුළ නැවත ගලවා එම තරගයෙන් දෙවැනි ස්ථනය දිනා ගත් තැනැත්තියට ලබා දීමට හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජූරි විසින් කටයුතු කරනු ලැබුවා. ඒ එම තරගය නැරඹීමට පැමිණි සියල්ලන් මවිතයට පත් කරමින්.
එම අවස්ථාවේ දී කිරුළ පලන් සිටි පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමට කටයුතු කල පසු ඇය වේදිකාවෙන් නික්ම ගිය අතර මේ පිලිබදව අදහස් දක්වමින් කලේ හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජූරි සදහන් කලේ තරගයේ නීති රීති අනුව විවාහක රූ රැජින තරගයේ ජයග්‍රහනය හිමි විය යුත්තේ විවාහක වුවන්ට මිස දික්කසාද වුවන්ට නොවන බවයි.


