ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබෙන අතර අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
මේ අතර දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන 7කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද එරට කාලගුණ අංශ පියවර ගෙන තිබෙනවා.