ඊයේ දිනයේ නෙලුම් පොකුණ රගහලේදී පැවැත්වුණු විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කරගැනීමෙන් සුළු වේලාවකට පසු නැවතත් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු විවාහක රූ රැජින කැරොලින් ජූරි විසින් වේදිකාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇයට එම කිරුළ නොසුදුසු බව සදහන් කල අතර එහිදී පුෂ්පිකා ද සිල්වා පැළද සිටි කිරුළ ගලවා දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තියට එම කිරුළ පැළදවීමට කටයුතු කරනු ලැබුවා. මේ පිලිබදව පුෂ්පිකා ද සිල්වා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.