News Line| Off Air
Generic placeholder image

Apr
5

ජනතාව ආණ්ඩුවට ලබා දුන් ජනවරම අවභාවිතා කරන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

644 Views


ජනතාව ආණ්ඩුවට ලබා දුන් ජනවරම අවභාවිතා කරන බවට  විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ වලට අදාල කරුණු කිහිපයක් පිළිබඳව විස්තර ලබා ගන්නට යැයි පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(05) කැඳවීමක් සිදුකර තිබූ අතර ඒ මහතා සමග විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවලුන්ට දැඩි දඬුවම් ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව වත්මන් ආණ්ඩුවට දැවැන්ත ජනවරමක් ලබා දුන් බවත් නමුත් ඒ ජනවරම අද වන විට ආණ්ඩුව අවභාවිතා කරමින් සිටින බවයි.

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කළා.

තම මන්ත්‍රීවරු ආරක්ෂා කරගැනීමටත් ඔවුන්ට ශක්තියක් ලබා දීමටත් තමන් නිරන්තරයෙන්ම කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post