News Line| Off Air
Generic placeholder image

Apr
6

උත්සව සමයේ සංචරණය සීමාවෙයිද?

702 Views


උත්සව සමයේ සංචරණය සීමාවෙයිද?

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් සදහන් කලේ එවැනි සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක වූ යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ “ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප මේ එළඹ සිටින්නේ සිංහල දමිළ අවුරුද්දට සතියකට ආසන්න කාලය තුළයි. ගිය අවුරුද්දේ, අවුරුද්ද සමරලා මාසේ අවසානේ වෙනකොට අපිට සම්පුර්ණයෙන්ම කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන්කර ගන්න පුලුවන් වුණා ඔක්තොම්බර් මාසේ දක්වා. මේ මාසේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන අයවලුන් සඳහා බොහෝදුරට සංචරණ සීමා පැනවීමේ නම් කිසිදු බලාපොරොත්තුවක් නෑ. මේ වෙනකොට. නමුත් අහඹුලෙස ඇන්ටිජන් පරික්ෂණ කිරීමට හැකියාවක් තියෙනවා. රටේ කොවිඩ් ආසාදිතයින් සිටිනවාද නැද්ද යන්න සොයාගැනීම සඳහා අහඹු පරීක්ෂණ විටින් විට විිවධ ප්‍රදේශවල කරනවා. ඒ අනුව මේ කාලසීමාවේදී විශේෂයෙන්ම කොළඹින් පිට පාළාත්වලට යාමේදී යම්කිසි ආකාරයක අවදානමක් තිබ්බොත් කියලා මේ ආකාරයෙන් බොහොදුරට සිදු කිරීමේ හැකියාවක් තියෙනවා.”යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post