අසීමිත අන්තර්ජාල සේවා පැකේජ ලබන සතියේදී හදුන්වා දීමට තීරණය කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ සදහා මේ වන විට සියලු අධික්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සියලු සේවා සපයන ආයතන මේ වන විට ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙනවා.
මේ පිලිබදව මේ සතිය ඇතුලත අවසන් තීරණයක් ගත හැකි වුවහොත් පාරිභෝගිකයින් හට ලබන සතිය තුල අසීමිත අන්තර්ජාල සේවා පැකේජ හදුන්වා දිය හැකි වනු ඇති බවයි වැඩි දුරටත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කරන්නේ.