නිරෝධායනය වන නිවසකට රතිඤඤා ප්‍රහාර එල්ල කරමින් අශෝබන ලෙස හැසිරුණු පුද්ගලයෙක් සොයා මේ වන විට පල්ලෙවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
හාපිටිගම , ගල්පොල ප්‍රදේශයේ පිහිටි නිරෝධායනය වන නිවසක නිවැසියන් පිරිසකට මෙලෙස පුද්ගලයෙක් විසින් බට්ටා රතිඤඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගමින් අශෝබන ලෙස හැසිරී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය විසින් අදාල පුද්ගලයා සොයා මේ වන විට පරීක්ෂනයක් ආරම්භ කර තිබෙනවා .