News Line| Off Air
Generic placeholder image

Apr
8

ෆොන්සේකා හා චමල් අතර උණුසුම් සංවාදයක් – රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

549 Views


ෆොන්සේකා  හා චමල් අතර උණුසුම් සංවාදයක් – රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන නිසා  පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය පිලිබදව ඇති වූ විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකළ ප්‍රකාශයක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ මේ හේතුවෙන්සභාවද මිනිත්තු 05 කට කල් තැබීමට කතානායකවරයා ක්‍රියා කළා.

අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර වාග් ප්‍රහාර මාලාවක් සිදු වූ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා සදහන් කලේ “මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මාස 8ක් හිරකරගෙන හිටියා. රිමාන්ඩ් භාරයේ. ඒ දඬුවම දුන්නාම අපි උසාවි 3කට ඇපීල් කරා. ඇපීල් 3ම තියෙද්දීත් මට දඬුවම දුන්න දවසේ ඉදලා මෙතෙන වාඩිවෙලා ඉන්න කථානායකවරයා මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නෑ. “

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ තමුන්නාසේට පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ මමයි. තමුන්නාසේගේ තීන්දුව පොත්වල තියෙන තීන්දුව සලකා බලලා තමයි කටයුතු කළේ. තමුන්නාසේට දුන්නේ නැද්ද මේකට එන්න. පාර්ලිමේන්තු එන්න අවසර දුන්නේ නැද්ද? යනුවෙන් සදහන් කිරීමෙන් ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.


News Articles
Latest Videos
Most Popular Post