News Line| Off Air
Generic placeholder image

Apr
11

පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්

475 Views


පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්

පොලිසියෙන් ජනතාව වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මේ උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස උල්ලංඝනය කරමින් පැවතීම නිසා ඒ අනුව සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ විශේෂයෙන්ම බස් රථ රියදුරන් හා මගී ජනතාව හා කොන්දස්තරවරුන්ද , සාප්පු සංකීර්ණවලට යන ජනතාවද සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම පෙන්නුම් කරන බවයි. මේ හේතුවෙන් අද සිට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ද සිදු කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post