News Line| Off Air
Generic placeholder image

Apr
11

රජයේ නිවාඩු දිනයක් වුවද හෙට සියලු බැංකු විවෘතයි

559 Views


රජයේ නිවාඩු දිනයක් වුවද හෙට සියලු බැංකු විවෘතයි

හෙට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, සදහන් කලේ

“10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබුණා රජයේ අයට පහසුවක් සැලසෙන්න. රාජ්‍ය සේවකයින් මේ කාර්යාල ඇරලා තියෙනවාට වඩා නිවාඩුවක් දුන්නම් වැඩිය හොඳයි කියලා. ඒ නිසා තමයි අපි සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස පත්කරේ. සඳුදා බැංකු සහ අනෙක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළද, එය බැංකු හෝ වෙළෙඳ නිවාඩු සඳහා අදාළ වන්නේ නැහැ. “ යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post