ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
ඒ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහායි. ඔහුට සුළු ශෛල්‍යකර්මයක් ද සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි වාර්තා වන්නේ.