දිවයිනේ ප්‍රදේශ රැසකින් යළිත් කොරෝනා ආසාදිතයින් ඉහල ගොස් තිබෙනවා. එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ 63 ක් ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර ගම්පහින් නව ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි.
මේ අතර විදේශ රටවල සිට මෙරටට ආ ලාංකිකයන් 70 ක් ද කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් හදුනා ගෙන තිබෙනවා.