මාරාන්තික කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් වසා දැමීමට ද එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊයේ දිනය තුළ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් 256,947ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,761ක්.
ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා මරණ 1761ක් වාර්තා වී අතර එරට මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ ගණන එක්ලක්ෂ 80.550 ක්..
මෙවන් පසුබිමක් තුල අවුරුදු 18ට වැඩි සියලු ඉන්දීය ජාතිකයින්ට කොවිඩ් එන්නත ලබා දීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බවත් එම කටයුතු මැයි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.