News Line| Off Air
Generic placeholder image

Apr
20

විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීම නිසා උරන වූ පිරිසක් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට පහර දෙයි

582 Views


විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීම නිසා උරන වූ පිරිසක් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට පහර දෙයි

මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ දී විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් හා උරන වී එම ප්‍රදේශයේ පිරිසක් විසින් නිවසට කඩාවැටුණු විදුලි කණුව ඉවත් කිරීමට එම ස්ථානයට පැමිණි විට ඔවුන් හා කෝපයට පත් ව ඔවුන්ට පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරී කණ්ඩායමක්. විදුලි කණුව නිසි ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිතව ස්ථාපනය කිරීම නිසා මෙලෙස මොවුන්ට පහර දී තිබෙනවා. මේ වන විට පහර කෑමට ලක් වූ පුද්ගලයින් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියට සම්බන්ධ ප්‍රහාර එල්ල කල පිරිස මේ වන විට අදාල ප්‍රදේශයෙන් පළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post