News Line| Off Air
Generic placeholder image

Apr
28

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

731 Views


ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණනක් මෙරටින් වාර්තා වූ අතර එම ගණන 1111ක්. ඒ අතරින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගණන 200ක්.

දෙවැනියට වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව බියගම 22ක්, වත්තල 17ක්, ආඬිඅම්බලම සහ කටාන ප්‍රදේශවලින් 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 36 දෙනෙක් කුලියාපිටියෙන් ද, පන්නල සහ බිංගිරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 දෙනා බැගින්ද, වාර්තා වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්, කළුතර 70ක්, මොණරාගල 37ක්, මාතර 38ක්, කෑගල්ල 14ක්, බදුල්ල 20ක්, අම්පාර 17ක්, ත්‍රිකුණාමලය 28ක්, අනුරාධපුරය 07, මන්නාරම 01, වව්නියාව 03, මහනුවර 74, නුවරඑළිය 55, රතනපුර 15, පුත්තලම 8, යාපනය 9, මාතලේ 32, පොළොන්නරුව 41, මඩකලපුව 08, හම්බන්තොට 15, මුලතිව් 01ක් සහ ඊයේ දිනයේ ආසාදිතයින් අතර විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post