News Line| Off Air
Generic placeholder image

May
2

මංගල උත්සව හා ප්‍රියසාද නිවෙස්වල පැවැත්වීමත් තහනම්

564 Views


මංගල උත්සව හා ප්‍රියසාද නිවෙස්වල පැවැත්වීමත් තහනම්

තහනම් කරන ලද ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ

“උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස්වල පැවැත්වීමට කටයුතු කරගෙන යන බවට. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව කුමන ස්ථානයක හෝ කිරීම තහනම් කරන්න හේතු වුණේ රටේ පවතින කොවිඩ් තත්ත්වය මත. යම් අයෙක් එවැනි උත්සව තම නිවසේ පවත්වන කටයුතු කිරීම තුළින් කොවිඩ් පැතිරීමේ අවදානමක් තියෙනවා.“ යනුවෙනි


News Articles
Latest Videos
Most Popular Post