News Line| Off Air
Generic placeholder image

May
5

විරෝධය හමුවේ මියන්මාර හමුදාව විසින් එරට ජනතාවට තවත් තහනමක් පනවයි

1080 Views


විරෝධය හමුවේ මියන්මාර හමුදාව විසින් එරට ජනතාවට තවත් තහනමක්  පනවයි

කුමන්ත්‍රණයෙන් බලය අල්ලා ගත් මියන්මාර හමුදාව විසින් මේ වන විට එරට ජනතාවට තවත් වාරණයක් පනවා ඇති බව විදේස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට මිලිටරි පාලනය විසින් චන්ද්‍රිකා රූපවාහිනිය තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

හමුදාවේ කුරිරු මර්දනයට සහ තොරතුරු ගලා ඒම මැඩපැවැත්වීමට මේ අනුව ඔවුන් උත්සාහ කරන අතර මියන්මාරයේ මිලිටරි පාලිත මාධ්‍ය විසින් චන්ද්‍රිකා TV තහනම් කර තිබේ.

ඒ අනුව මිලිටරි පාලනය සදහන් කරන්නේ චන්ද්‍රිකා රූපවාහිනිය තවදුරටත් නීත්‍යානුකූල නොවන බවත් රූපවාහිනී සහ වීඩියෝ නීතිය උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට, විශේෂයෙන් චන්ද්‍රිකා TV භාවිතා කරන අයට වසරක සිරදඩුවමක් ද (ඩොලර් 320) ක දඩයක් නියම කෙරෙන බවයි එරට රාජ්‍ය රූපවාහිනිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post