මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.