News Line| Off Air
Generic placeholder image

May
25

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත් හිටුවයි

640 Views


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  වෘත්තීය  ක්‍රියාමාර්ගය අත් හිටුවයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ පිලිබදව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ,

“මේ සාකච්ඡාවේදී තීරණය කළා දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරලා තියෙන මධ්‍යස්ථානවල කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඉන්න අනෙකුත් කාර්ය මණ්ඩලවල පවුල්වල අයටත් එම ස්ථානයේදී එන්නත් ලබා දෙන්න. ඒ වගේම ඉදිරි දිනකදී ලංකාවට එන චීන සයිනෝෆාම් එන්නත අපි ඉල්ලීම් කරපු විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලු පවුල් වලටත් ඒ වගේම අපි අවදානම් කාණ්ඩ විදිහට හඳුන්වපු ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂෙත්‍ර නිලධාරීන්ටත් මාධ්‍යවේදීන්ටත් ඒ වගේම අනෙකුත් ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලවලටත් ලබා දෙන්න. ඒ තීරණයත් එක්ක අපි රටේ මහජනතාව අපහසුතාවයට පත් නොකර අද දින පෙරවරුවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවලා තියෙනවා” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post